විදුලිය නොකැපූ ප්‍රදේශ වලටත් හෙට විදුලි කප්පාදුවක් - සියලු විස්තර
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ වලටත් හෙට (24) සිට විදුලිය කප්පාදු කරන බව විදුලිය බල මණ්ඩලය සඳහන් කරනවා. මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැතිවීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.
ඩිසල් නොමැතිවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිෂ්පාදනය ඇන හිටි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
කැලණිතිස්ස, බලාගාරයට ඩීසල් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විදුලිය නිෂ්පාදනය නතර කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ.
මේ අතර ඊයේ සිට සපුගස්කන්ද බලාගාරයට දැවිතෙල් පොම්ප කරන බව ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළ අතර අද දිනයේ එම දැවිතෙල් මගින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බවයි ඔහු පැවසුවේ.
මේ අතර දිවා කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,250ක් වන අතර සවස් කාලයේදී විදුලි ඉල්ලුම 2,370ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
මීට අමතරව රාත්‍රි කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
කෙසේවෙතත් පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් හෙට දිනය තුළ පමණක් ජාතික පද්ධතියට මෙගාවොට් 1,628ක විදුලි ධාරිතාවක් අහිමි වනවා.
ඉන් මෙගාවොට් 440ක් තාප විදුලි බලාගාර අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |