අද රට පුරා විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..සියලු ප්‍රදේශ සහ වෙලාවන්.
අද (24) දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A,B සහ C කලාපවලට පැය 4ක් සහ විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර අනෙක් කලාපවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 4යි විනාඩි 30ක කාලයක්.
අද විදුලි කප්පාදුව සිදු කෙරුණු ආකාරයෙන්ම කලාප තුනකට පැය 4යි විනාඩි 40ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4යි විනාඩි 30 කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටවනු ඇති.
අද දවස පුරා ජාතික විදුලි ඉල්ලුම ඉහළ අගයන්වල පවතිනු ඇතැයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන අතර ඒ අනුව අද දහවල් එම අගය මෙගාවොට් 2370ක් සහ රාත්‍රියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් වන බවටයි ගණන් බලා තිබුණේ.
කෙසේවෙතත්, විදුලි බලාගාර කිහිපයක ඉන්ධන අවසන්වීමෙන් එම ඉල්ලීම සැපිරීමට දහවල් කාලයේ මෙගාවොට් 670ක් සහ රාත්‍රී කාලයේ මෙගාවොට් 584ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා.
ඒ අනුව අද පැය 7ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටි අතර බලාගාර කිහිපයකට ඉන්ධන ලැබීම හේතුවෙන් පැය හතරහමාරක පමණ විදුලි කප්පාදුවකට අනුමැතිය හිමිවුණා.
දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේල AB සහ C කලාපවලට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය දෙකයි විදුලි 40ක් බැගින් සහ යළිත් එම කලාප තුනට සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක බැගින්.
සෙසු කලාප 8 සඳහාද පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය දෙක බැගින් සහ යළිත් සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය දෙකයි විනාඩි 30ක් බැගින් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි.
රටපුරා විදුලිය කපන කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

















