අද සිට විදුලිය කැපෙන වෙනස්ම විදිහ..

Power cut Sri Lanka
By krishani Jun 27, 2022 09:12 AM GMT
Report

අද (27) සිට ලබන මාසයේ 3 වන දිනය තෙක් විදුලි කප්පාදුව පැය තුනක් සිදු කිරීමට නියමිතයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන අතර ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල C කාණ්ඩයට අයත් ප්‍රදේශ වලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 2ක කාලයක් පමණයි.

කෙසේවෙතත් ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල M,N,O,X,Y,Z කාණ්ඩාය සඳහා උදෑසන 5.00 සිට 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.