පැය 10ක් තුළ, පැය දෙක හමාරක විදුලිය කපයි..වැඩි කාලයක් විදුලිය කපන වෙලාවත් මෙන්න.
විදුලිය කප්පාදුව ගැන තීරණය අද විදුලිය කප්පාදු කරනවා ද නැද්ද යන්න පිළිබදව අද තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබුණේ පසුගිය සිකුරාදායි.
ඒ අනුව අවශ්‍යතාව මත ඕනෑ ම අවස්ථාවක දී විදුලි කප්පාදුවක් සිදු කළ හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ.
එමෙන්ම අද රැස්වී සාකච්ඡා කර විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන මහජනතාවට දැනගැනීම සඳහා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් නිදහස් නො කිරීම හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය සඳහා වූ ටෙන්ඩර්වලට සැපයුම්කරුවන් ඉදිරිපත් නො වීම මේ වනවිට දැඩි අර්බුදයක් බවට පත්ව තිබෙනවා.
මෙගාවොට් 300 ක් වූ ජනන යන්ත්‍ර 3ක් සහිත නොරොච්චෝලේ බලාගාරයේ දැනටමත් එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව යුගදනවි, කැලණිතිස්ස සහ පෞද්ගලික බලාගාරයක් ඇතුලුව බලාගාර කිහිපයකින් ජනනය කෙරෙන මෙගාවොට් 200කට වැඩි විදුලිය ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වන තත්ත්යක් නිර්මාණය වී තිබෙනවා.
මෙවන් තත්ත්යක් මත පැය දෙක හමාරකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි මණ්ඩලයේ අවධානය යොමුව ඇත්තේ.
පෙරවරු 11 සිට පස්වරු හය දක්වා පැයක කාලයක් සහ පස්වරු හයේ සිට රාත්‍රි 9 දක්වා පැය එකහමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |