ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක් - වැඩි විස්තර

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Jun 18, 2022 10:59 AM GMT
Report

ඉදිරි සති දෙක තුල උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඉදිරි සති දෙක තුල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බැවින් තම ඉල්ලීමක් අනුව මහජන උපයෝගීතා කොමිසම මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් උදෑසන 8සිට පස්වරු 1 දක්වා කාලය තුල විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති. මේ අතර කොළඹ නගර සීමාව තුළ පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ලබන සතිය තුල වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලේ පවතින ඉන්ධන අර්බුදය සැළකිල්ලට ගෙන අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. කෙසේවෙතත් ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවස්ථාව පවතින බවද අමාත්‍යංශය කියාසිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now