අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයිලු..අලුත් කාල සටහන මෙන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Jun 01, 2022 01:25 AM GMT
Report

අද දිනයේ විදුලි කප්පාදුව කලාප වශයෙන් පැය 02යි විනාඩි 10ක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේවෙතත් හෙට දිනයේ සිට යළි විදුලි කප්පාදු කාලසටහන වෙනස් කර තිබේ.

ඒ අනුව ජුනි මස 02 වනදා සිට නැවත වරක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව ජුනි මස 02 වනදා සිට 05 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම කාලසටහනට අනුව ජුනි මස 02සහ 03 යන දින දෙකේදී පැය 02 බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ජුනි 04 වනදා පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ජුනි මස 05 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery