අද රට පුරා විදුලිය කපන කාල සටහන වෙනස් වෙයි..අලුත්ම එක මෙන්න..

Sri Lanka Technology Power cut time table Power cut places Pawithrawanniwarachchi
By Aruna Mar 04, 2022 02:17 AM GMT
Report

අද(04) දිනයේදීත් පැය හත හමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පැය 7 හමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීම ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේ වන අතර ඊයේ දිනයේදීත් පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

මෙලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට මූලිකව හේතුව වී ඇත්තේ, විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කර ඇති ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් එම බලාගාරවල ක්‍රියාකාරිත්වය අක්‍රීය වීමයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

මෙවන් පසුබිමක් මත දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කරමින් විදුලි සැපයීමේ ධාරිතාව පාලනය කරගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇනහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට ඊයේ (03) පැමිණි අවස්ථාවේදි යි.

තව ද, අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් පෙරේදා (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි නිලධාරීන් පැවසුවේ.

අද (04) විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery