අද විදුලි කප්පාදුවේ වෙනසක්..කරන්ට් කපන සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න..
අද (01) දිනයේ දී ත් දිවයින පුරා පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව අද දිනයේ දී ත් විදුලි කප්පාදුව සිදු වන්නේ පෙර සිදු කරන ලද ක්‍රමවේදයටම ඒ.බී.සී ආදී වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ යි.
A කලාපයට උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, B කලාපයට 11.30 සිට 14.30 දක්වාත් C කලාපයට 14.30 සිට 17.30 දක්වාත් විදුලි විසන්ධි වීම සිදුවනු ඇති.
තවදුරටත් බලාගාරවලට ඩීසල් සහ නැප්තා නිපදවීමට අවශ්‍ය කරන ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයිනේ විවිධ බලාගාරවල සක්‍රීය කටයුතු අඩපණ වී ඇති අතර, මේ හේතුවෙන් දෛනික විදුලි උත්පාදන ධාරිතාවට දැඩි හානි සිදුව තිබෙනවා.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල දර්ශකය ද රුසියානු - යුක්‍රේන අර්බුදය හමුවේ ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් විවිධ රටවල් රුසියාව සමග පැවැත්වෙන සබඳතා සම්බාධක පනවා තාවකාලිකව අත් හිටුවීම සමග බොරතෙල් මිල ද ඉහළ ගියා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන ඉන්ධන නෞකා ද යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.
රට තුළ ඩොලර් හිඟවීමේ අර්බුදය හේතුවෙනුයි ඉන්ධන සපයා ගැනීම නොහැකි පසුබිමක මේ වනවිට සිටින්නේ.
මේ හේතුවෙන් විදුලි බලාගාරවල ධාරිතාව පාලනයට වරින්වර දිගු කාලයක් දින කිහිපයක සිට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටයි මහජන උපයෝගීතා කොමිසම නිවේදන කළේ.
මෙලෙස රට පුරා විදුලිය කපන සියලු ප්‍රදේශ සහ වෙලාවන් පහතින් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

















