අද පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්...එම සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙන්න.
අද දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද දිනයේ ඡල Q,R,S,R,U,V සහ W කලාපවලට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
A, B හා C යන කලාපවලට හෙට දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබාදුන් බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.
කොළඹ වරායේ නවතා ඇති බත්තල තාප බලාගාරය, කැලණිතිස්ස නැප්තා බලාගාරය, කැළණිතිස්ස ජී ටී 7 බලාගාරය සහ මෙගාවොට් 50 ක විදුලි ධාරිතාවක් නිපදවන කැළණිතිස්ස තවත් තාප බලාගාරයක් එලෙස අක්‍රීය වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව ඩීසල් සහ නැප්තා ප්‍රමාණවත් පරිදි බලාගාර වෙත ලබා දෙන්නේ නම් අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ අක්‍රීය වී ඇති තාප බලාගාර සඳහා ඉන්ධන ලබා දීමට රජය කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
ඒ ඒ කලාපවලට අයත් ප්‍රදේශ සහ අද දිනයේ විදුලිය කප්පාදු කරන වේලාවන් පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

















