විදුලි කැපීම හිටිහැටියේ වෙනස් වෙයි..අලුත්ම තීරණය මෙන්න..
විදුලි කප්පාදුව අද සහ හෙට දිනයේ පෙර සඳහන් කළ පරිදි සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් අවශ්‍යතාවය මත විදුලිය කප්පාදු කරන්නට සිදු වුවහොත් විදුලි කෑපීමක් හදිසියේ සිදුකිරීමට සිදු වන බවද එම කොමිසම සදහන් කර සිටී.
නමුත් සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව අද (05) සෙනසුරාදා දිනයේදී PQRSTUVW යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි.
ඒ අනුව ඊයේ ප්‍රකාශ කළේ, අද උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුල පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුල පැයක් වශයෙන්.
එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව කියා සිටියා.
ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.
ඉරිදා (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ ABC යන කලාප තුනට පමණක් බවද සඳහන් කළා.
කෙසේවෙතත් සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මෙලෙස සඳහන් කළත්, අද දින උදෑසන මහජන උපයෝගීතා කොමිසම සදහන් කළ පරිදි මෙම කප්පාදුව සිදු නොවන බවයි පැවසෙන්නෙ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |