විදුලිය කපන වෙලාව යළිත් වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ගත හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් අද (පෙබ. 21) පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30 දක්වා සහ ප.ව. 1.30 සිට ප.ව. 4.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
කෙසේවෙතත් රාත්‍රි කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කළ හැකි ද? යන්න පිළිබඳව සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා කළ ඉල්ලීම සලකා බලමින් මෙම තීරණය ගත් බව ද හෙතෙම කියා සිටියා.
මේ අතර විභාගය පැවැත් වෙන වේලාවෙන් පසු විදුලි කප්පාදුවක් සිදු වනවා ද? යන්න පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, අද පස්වරු 4:30 සිට රාත්‍රී 10:30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා පැය 02ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට, සිදුවන බවයි.
ඒ පිළිබඳ තොරතුරු https://www.pucsl.gov.lk/ වෙබි අඩවිය මගින් ජනතාවට ලබා දෙන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළා.
මීට පෙර තීරණය කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි කාණ්ඩ දෙකක් යටතේ අද (පෙබ. 21) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ය.
ඒ අනුව, දකුණු පළාත හැර සෙසු පාළාත්වල පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට ත් දකුණු පළාතේ කාණ්ඩ තුනක් යටතේ පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ත් එම කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබිණි.
කෙසේවෙතත් එය මේවන විට වෙනස්වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |