මෙරට ප්‍රධාන නගරයක් විදුලිය නැතිව රාත්‍රියේ අඳුරු වෙන්න යයි..සියලු දෙනා අවධානයෙන් ඉන්න.
රුපියල් ලක්‍ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.
නගරවාසීහූ කියා සිටින්නේ, නගරයේ ප්‍රධාන වීදි මෙන්ම නගර සභා බල සීමාවේ අතුරු පාරවල් වලද වීදි පහන් නොදැල්වෙන නිසා ව්‍යපාරික ආයතන වල නාමපුවරු සහ ව්‍යපාරික ස්ථාන සහ නිවෙස් වලින් දැල්වෙන විදුලි පහන් වලින් පමණක් නගරයට ආලෝකය ලැබෙන බවයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නාගරික කොමසාරිස්වරයා ද මේ බව දැනුම් දෙනු ලැබීය.
එහිදී කමිටුවේ සම සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන වලට ආදායම් ලැබෙන්නේ බදු ආදායමෙන් බවයි.
නමුත් වර්තමානයේ ඉහළ විදුලි බිලක් ගෙවීමට පළාත් පාලන ආයතන වලට හැකියාවක් නැති බව යි.
ජනතාවට අයිති වතුරටික විදුලිය නිපදවන්න විදුලි බල මණ්ඩලයට නොමිලේ ලබාදුන්න ද විදුලි බලමණ්ඩලයෙන් පොදු සේවාවන් නොමිලේ නොදෙන බවයි, පලාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පැවසුවේ .
ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.