දවල්ටයි රෑටයි සිදුකරන කැපිල්ල ගැන සුබ ආරංචියක්.

Sri Lanka Technology Power cut Electric Bord
By Aruna Mar 03, 2022 06:18 AM GMT
Report

විදුලිය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න

ලබන සඳුදායින් පසු වෙන දේ

ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද පැමිණි අවස්ථාවේදි යි.

මෙවැනි තත්ත්වයක් තුළ අද (3) දිනයේත් දිවයින පුරා පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීම ආරම්භ වුයේ ඊයේ පෙරවරුවේයි.

මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now