ඉදිරියේදී විදුලි කප්පාදුව දීර්ඝ වෙයි හේතුව මෙන්න..

Power cut Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sithumi May 29, 2022 06:31 PM GMT
Report

නොරච්චෝල ගල්අඟුරු බලාගාරයේ යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු සඳහා ලබන මස මැද දී නතර කිරීමට සිදුවන නිසා විදුලි කප්පාදුව දීර්ඝ වීමේ අවදානමක් මතුව තිබේ.නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ යන්ත්‍ර 03 කින් නිපදවන මෙගාවොට් 900ක ධාරිතාවයෙන් මෙගාවොට් 810 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබේ.

ඉතිරි මෙගාවොට් 90 බලාගාරයේ අවශ්‍යතාවය සඳහා යොදා ගැනේ. මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර 03ක්ම ක්‍රියාත්මක කරමින් පැවැතියත් වසර 06 කින් සිදුකළයුතු අනිවාර්ය අලුත්වැඩියා කටයුතු සඳහා එක් යන්ත්‍රයක් ලබන මස (ජුනි) 18 වැනිදා නවතා දැමීමට කටයුතු කෙරේ. මෙහි නඩත්තු කටයුතු සිදුකර විදුලිය නිපදවීම සඳහා දින 75 ක් පමණ අවමවශයෙන් ගතවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය.

එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග අනෙක් යන්ත්‍රය නවතා එහි අලුත්වැඩියා සිදුකර එයද ක්‍රියාත්මක කිරීමට දින 75 ක් ගතවන බවද ඔහු කීවේය.බලාගාරයේ අනෙක් යන්ත්‍රය 2011 දී ආරම්භ කර තිබෙන අතර එය 2017 වර්ෂයේදී අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙන බවද ඒ මහතා කීය

.මේ දිනවල විදුලි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් නිපදවන අතර වර්ෂාව අඩුවීමක් සිදුවුවහොත් ජල විදුලි නිෂ්පාදනය අඩුවීම සහ නොරොච්චෝල බලාගාරවල විදුලි ධාරිතාව අඩුවීම නිසා දැනට සිදුකරන විදුලි කප්පාදුව දීර්ඝ වීමේ අවදානමක් පවතින බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now