විදුලි කැපිල්ල තවත් දීර්ඝ වෙයි..රටටම අසුබදායක ආරංචියක්..
නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අනිවාර්යය නඩත්තු කටයුතු සඳහා අනිද්දා දිනයේ සිට ක‍්‍රියා විරහිත කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
එය මාස දෙකකට අධික කාලසීමාවක් සඳහා වසා දැමෙනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම යන්ත්‍ර සඳහා වසර 5 කට වතාවක් සිදු කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා අඩුම වශයෙන් දින 75 ක පමණ කාලයක් ගත වෙයි.
නොරොච්චෝල එක් ජනන යන්ත‍්‍රයකින් දෛනිකව මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් සිටී.
දැනට විදුලි කප්පාදුවක් සිදු වෙමින් ඇති පසුබිමක මෙම බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත් වූ පසු දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වීමට වැඩි ඉඩකඩක් තිබේ.
ජල විදුලි බලාගාර වැඩි වශයෙන් දායක කරගෙන දැනට ජාතික විදුලි ඉල්ලුම සපුරාලමින් ඇති අතර ඩීසල් හිගය හේතුවෙන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපහසු වී තිබේ.
මෙරට කාර්යබහුල වේලාවන්හිදී උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක ට ආසන්න වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |