එකවරම විදුලි කප්පාදුවේ වෙනසක්..පැය ගණන අඩු කෙරේ..අලුත් කාල සටහන මෙන්න.
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හමුවේ අද දිනයේදීත් කලාප වශයෙන් විදුලිය කප්පාදුව සිදු කරනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, P සිට W දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 15 ක් ද විදුලිය කපා හැරීමට නියමිතයි.
P සිට W දක්වා කලාප 8 පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
අද දිනයේ පැය 07 ක විදුලි කප්පාදුවක් වන බව විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කළ ද කැලණිතිස්ස සහ සොජිට්ස් යන බලාගාර දෙකට ඉන්ධන ලබාදීමට රජය පොරොන්දුවීම හමුවේ විදුලිය කප්පාදු කරන කාලය අඩු කිරීමටයි පියවර ගෙව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





















