ඉදිරි පැය 48 විදුලි කප්පාදුව ගැන අලුත්ම දැනුම්දීම මෙන්න.
හෙට(26) සහ අනිද්දා(27) දිනයේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවන් සිදු නොකරන ලෙස හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
මේ අතර අද (25) ඒ.බී.සී කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි විනාඩි 15කුත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ අතර, ඉන්ධන සැපයීමේදී සෞඛ්‍ය සේවයට ද ප්‍රමුඛතාව ලබා දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලීමක් කරනවා.
විදුලි කප්පාදු සිදුකෙරෙන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්‍ර හරහා රෝහල් වල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සිදුකළ ද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අඛන්ඩව සපයා ගැනීම අභියෝගයක් වී ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අනුව අද දිනයේ දිවයින පුරා විදුලිය කපන වෙලාවන් සහ සියලු ප්‍රදේශ පහතින් දැනගන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



















