අද විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න.

Sri Lanka Power cut
By Aruna Feb 22, 2022 02:23 AM GMT
Report

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 541ක ධාරිතාවක් අහිමි වන බැවින් අද දිනයේදී කාණ්ඩ 3ක් යටතේ පැය දෙක බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව ඒ, බී. සහ සී කාණ්ඩවලට පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

අනෙකුත් ඛාණ්ඩවලට එම කාලය තුළ පැය 3ක් විදුලිය අත්හිටු වනවා.

යළිත් වරක් මුළු දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම ඊයේ සවස 4.30 සිට ආරම්භ වූ අතර, ඒ අනුව රාත්‍රී 10.30 දක්වා පැය 2ක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරුණා.

එහෙත් ඇතැම් ප්‍රදේශවලට පැය දෙකකට අධික කාලයක් විදුලි කප්පාදු කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඊයේ (22) ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදුව සිදුකෙරුණේ අදාළ කාලසටහනෙන් තොරව අවිධිමත් ආකාරයට බවට විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා.

අඛණ්ඩ විදුලි සැපයුම සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය - වෙස්ට් කෝස්ට් සහ කැළණිතිස්ස බලාගාර තවදුරටත් පවතින්නේ අක්‍රීය තත්ත්වයකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now