අද විදුලිය කපන්නෙ මෙහෙමයි ලු...එම ප්‍රදේශ කලින්ම කියයි..
Sri Lanka
Technology
Power cut
Southern provincial
By Aruna
ලංකා විදුලිබල මණ්ඩලය දින එකහාමාරකට පමණ ඉන්ධන ලබාගැනීමට ඊයේේ කටයුතු කිරීම නිසා අද (21) දකුණු පළාතේ පමණක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (20) පස්වරුවේ පැවසුවා.
මාඔස්කැළේ සහ සමනළ වැව ජලාශවල වතුර සංචිතය අඩු වීම නිසා දකුණු පළාතේ පමණක් පැය එකහාමාරක් පමණ විදුලි කප්පාදු කිරීමට සිදුවන බවත් එම කාලය අද දැනුම් දෙන බවත් සභාපතිවරයා කීය.
ඊයේ (20) පෙරවරුවේ පැවැති තත්වය මත අද දිනයේ පැය 5 ක පමණ විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තිබූ බව කී ජනක රත්නායක මහතා මහ බැංකුවට, මහා භාණ්ඩාගරයට සහ දේශපාලන අධිකාරිය දැනුවත් කර ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කළ බව ද සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |