දැවැන්ත විදුලි කප්පාදුවක් සමග දීර්ඝ ඉන්ධන පෝලිම්..

Sri Lanka Power cut Oil problems Anura wijepala
By Aruna Jan 26, 2022 05:12 AM GMT
Report

නුදුරේදීම දැවැන්ත විදුලි කප්පාදුවක් සහ දීර්ඝ ඉන්ධන පෝලිම් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේපාල මහතා සඳහන් කරනවා..

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

මේ අදූරදර්ශී තීරණ නිසා අපි අද 30% ක විතර ප්‍රමාණයක් ඉතා අධික මිලට තෙල් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තියෙනවා. ඒක ඉතාම වැරදි තීරණයක්.

ඒ වගේම අපි නොයෙක් අවස්ථාවල ක්‍රියාත්මක කරගෙන ආපු විදුලි බලාගාර අතරමගදී එක පෑන් පාරකින් නවත්තලා දැම්මා.

ඉතින් අද අපි මේ ගෙවන මේ මිල, විදුලිය කැපීම, මේ සියල්ලටම මුල තමයි මේ අදූරදර්ශී තීරණ.

දැන් අපිට පේනවා තවත් අදූරදර්ශී තීරණ මේ රජයනුත් ගනිමින් ඉන්නවා.

දැන් උදාහරණයක් විදිහට, අපි තීරණය කරලා තියෙනවා, 70%-80% ක් පුනර්ජනනීය විදුලි බලාගාර විදුලිය වෙත යන්න 2030 වෙනකොට.

ඒකේ වරදක් නැහැ. ඒ ගාන අපිට සරිලන ගණන නම් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන ගානක් නම්. ඒක නිසා මම අහන්න කැමතියි රජයෙන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් මේ ගණන අපි තීරණය කළේ මොන පදනමෙන්ද?

විද්වත් කතිකාවකින්ද? එහෙම නැත්නම් සුදුසු අධ්‍යයනයකින්ද? එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු කරන අයගේ වුවමනාවන් සඳහාද?

ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නෙ. තව අවුරුදු දහයකින් වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහට මේ ක්ෂේත්‍ර අවුලෙන් අවුලට යන්න පුළුවන්.

දැන් මේ තියෙන කෙටි කාලීන ප්‍රශ්න, විදුලිය කැපීම සහ තෙල් ලබාගැනීමට තියෙන අසීරුතාවය. සමහර පුද්ගලයන් මොන ක්‍රමයෙන් හෝ විදුලිය ලබාදීමක් ගැන කතා කරයි.

මොන ක්‍රමයෙන් හෝ විදුලිය ලබා දීමේ වියදම දරන්නේ කවුද යන්න මහාචාර්‍යවරයා විසින් ප්‍රශ්න කළේය.

විදුලිබල මණ්ඩලය පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ණය තියෙන්නේ බිලියන 93 ක් ණය මුදල අපේ සමස්ත විදුලිය පාරිභෝගිකයන් සංඛ්‍යාව වන මිලියන හතෙන් බෙදුවාම එක පාරිභෝගිකයෙකුට වැටෙනවා රු. 13,000 ක්.

ඒ කියන්නේ අපි වෙනුවෙන් රජය රුපියල් 13,000 ගානේ දැන් ගෙවනවා.

අපි ගෙවන විදුලි බිලට අමතරව අපෙන්ම අයකරන වලින් අපි වෙන ක්‍රම වලින් ගෙවන වලින් රුපියල් දහතුන්දාහ ගානේ ආයි විදුලිබල මණ්ඩලයට ගෙවනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now