අදත් මුළු රටම අඳුරේ!!..ලයිට් කපන කාල සටහන.

Sri Lanka Technology Power cut Electric Bord Gemini lokuge
By Aruna Jan 24, 2022 03:12 AM GMT
Report

අදත් විදුලිය කැපෙයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ, ඉදිරියේදී විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ දැවි තෙල් ප්‍රමාණයක් පවතින්නේ ද එය ප්‍රමාණවත් ද නැද්ද යන්න පිළිබද කරුණු අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංවාදයට බදුන් කරන බවයි.

කෙසේ වෙතත්, අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව අද (24 වැනිදා) සිට පැයක සහ හෙට (25 වැනිදා) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අනුව දැවිතෙල් රැගත් කිසිදු නැවක් මෙරටට නොපැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.

විදුලි කප්පාදුව පිළිබඳව යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද දිනයේ (24 වැනිදා) ලබාදෙන බව ලේකම්වරයා පවසා සිටියා. ඔහු මේ පිළිබඳව කියා සිටියේ ඊයේ (23 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මාර්තු මාසය අග වන විට විදුලි අර්බුදය වඩාත් දරුණු වනු ඇති බව මෙහිදී ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම බලාගාර කිහිපයකම දැවි තෙල් අවසන්වී ඇති බැවින් හෙට (25 වැනිදා) සිට විදුලිය කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා පැවැසුවේය.

විදුලිය විසන්ධි කරන වේලාව දැක්වෙන කාලසටහන අද (24 වැනිදා) මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

හදිසි බිඳවැටීමක් සිදුවුවහොත් අද (24 වැනිදා) දිනයේදී පැය භාගයක පමණ වේලාවක් විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේය.

හෙතෙම පැවැසුවේ, හෙට (25 වැනිදා) සිට විදුලිය කප්පාදුවීමක් සිදුවන්නේ විදුලි ඉල්ලුම වැඩියෙන්ම ලැබෙන කාලවකවානුවේ එනම් රාත්‍රී කාලයේ දී බවයි.

හෙතම පෙන්වා දුන්නේ සපුගස්කන්ද බලාගාරය මේවනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන්නේ එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙන් බවයි.

මෙම බලාගාරය වසා දැමීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවක් අහිමිවී ඇති බව සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියා.

කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා මෙගාවොට් 60ක දැවිතෙල් ප්‍රමාණයක් අවශ්‍ය වුවත් දැවිතෙල් පවතින්නේ තවත් දින දෙකකට පමණක් බවත්, මෙගාවොට් 23ක ධාරිතාවක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් ප්‍රමාණවත්ව ඇත්තේ දින දෙකකට බව ඔහු පැවැසුවේය.

ඒ අනුව මෙම බලාගාර දෙකම වසා දැමීමට සිදුවුවහොත් මෙගාවොට් 83ක් ජාතික පද්ධතියට අහිමි වෙයි.

යුගදනවි බලාගාරයට ද දැවිතෙල් ඇත්තේද තවත් දින 10ක පමණ කාලයකට පමණක් බැවින් එම දින ගණන අවසන් වන්නට ප්‍රථම දැවිතෙල් නොලැබුණහොත් එම බලාගාරයද වසා දැමීමට සිදුවන බව කියයි.

නොරොච්චෝලේ බලාගාරයේ පසුගියදා අක්‍රිය වූ ජනන යන්ත්‍රයක් ලබන 28 වැනිදා වනවිට යථා තත්ත්වයට පත්කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකි බව දන්වා ඇති බැවින් එම යන්ත්‍රය නැවත පද්ධතියට එක්කර ගැනීමට හැකියාව ලැබුණහොත් මෙගාවොට් 300ක් එකතු වන බවද ඔහු අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now