දිනකට පැය 08ක විදුලි කප්පාදුවක්?...

Hatton Technology Power cut Ceylon electric Bord Damayanthi disanayake
By Aruna Jan 23, 2022 05:51 AM GMT
Report

ලබන සිකුරාදා සිට පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

නමුත් එම ක්‍රියාවලියද පවත්වා ගත හැකි වන්නේ ද ලබන සිකුරාදා වන තුරු පමණක් බවයි ඔහු පවසන්නේ.

ඉන් අනතුරුව නියත වශයෙන්ම පැය 4ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇති බවට ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ මේ වන විට රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද සිදු කර ගැනීමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවනවා.

අද (23) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමින්,රන්ජන් ජයලාල් මහතා මේ අදහස් පළ කළා.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පවසනවා.

මයන්ත දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ, සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවේ එම රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

නාවලපිටිය ආසනයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම ආසල බල මණ්ඩලය රැස්විම සංවිධානය කර තිබුණා.

මෙහිදී වැඩි දුරටත් මාධ්‍යට අදහස් දැක් වු මයන්ත දිසානායක මහතා කියා සිටියේ වත්මන් රජයේ නොහැකියාව හමුවේ රටේ ජනතාව පිඩාවට පත් වි ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර කාලය සහ වත්මන් රජයේ පාලන කාලය වසර දෙකකින් දිර්ඝ කර ගැනිම සම්බන්ධයෙන් අදහස් පල වුවද අපේ රටේ පවතින ව්‍යාවස්ථාව අනුව එය සිදු කල නොහැකි බවත්, එසේ සිදු කරන්නේ නම් ඒ සදහා ජන මත විචාරණයක් පැවැත්විය යුතු බවත්, ජන මත විචාරණයක් පැවැත් වුවහොත් මේ රටේ ජනතාව කිසිසේත් ඒ සදහා බලයක් ලබානොදන බවද මයන්ත දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now