අද විදුලි කප්පාදුව ගැන අලුත්ම දැනුම්දීම මෙන්න.

Sri Lanka Technology Power cut Udaya gammanpila Ceylon electric Bord
By Aruna Jan 20, 2022 01:13 AM GMT
Report


අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා කියා සිටියේ, කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බවයි. කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට කැමති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගත් නිසා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, යළි අක්‍රීය වූ බලාගාර පණගැන්වීමට හැකියාවක් පවතින බවයි. මේ අතර, ඊයේ පෙරවරුවේ විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කිසිම විටෙක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

මෙවන් තත්ත්වයකදියි ඊයේ පස්වරුවේ දී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට හේතුවන බවයි.

ඒ අනුවයි ඊයේ පස්වරු 2.30 සිට 9.30 තෙක් කාණ්ඩ 04ක් යටතේ පාරිභෝගික ජනතාවට පැයයි විනාඩි 45ක කාලයක් අඳුරේ සිටීමට සිදු වූයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now