අද සවස 5.00හේ සිට සිදුවන දේ මෙන්න..රාත්‍රී කාලයේ අවදානයෙන් සිටින්න.අනතුරු ඇඟවීමක්..

Sri Lanka Power cut Udaya gammanpila Ceylon electric Bord Kelanithissa balagaraya
By Aruna Jan 18, 2022 06:58 AM GMT
Report

අද(18) පස්වරු 5.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලු ම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැති බවට වාර්තා වනවා.

මේ අනුව අද සවස 5.00හේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ,මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවටයි.

   මේ අතර තත්ත්වය මෙසේ තිබිය දී විදුලිබල මණ්ඩල ඉංජිංජිනේරු සංගමය අද දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නො කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටත් එළඹී තිබීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now