මුළු රටටම අඳුරේ ඉන්න වෙයි..අද සිට මේ දේ වෙයි?..

Sri Lanka Power cut Gamini lokuge Ceylon electric Bord
By Aruna Jan 18, 2022 12:16 AM GMT
Report

ඊයේ පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරනවා.

සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ, ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් අද (18) දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

අද දිනයෙන් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේදැයි යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත් හෙතෙම කියා සිටියා.

දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩු වී ගෙන යන බවත් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත් වෙන බව ද හෙතෙම ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී. කෙසේ වෙතත් විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා නොදෙන තත්ත්වයක් යටතේ ඉදිරි දවස් කිහිපය සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

එළඹෙන සතියේ නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් පසු මෙම විදුලි අර්බුදය සමනය වනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now