රටම අඳුරට දැමූ පැය 04 නවතී..විදුලි කප්පාදුව ගැන නව තම තීරණය මෙන්න.(VIDEO) UPDATE
UPDATE
සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළා.
........................................................................
අද මුළු රටටම අඳුරේ ඉන්න වෙයි!!!පැය 04ක විදුලි කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න.
අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යංශය නිවේදනය කරනවා.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි.
ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු හා නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව දිනපතා සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අද දිනයේ විදුලිය කැපෙන ප්‍රදේශ පහතින් සදහන්, මේ අතර ඉදිරි දින 10ක කාලයේ දී රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය ප්‍රකාශ කරනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.
මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11 වැනිදා) ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
ඉරිදා දිනය නොමැතිව සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල මෙම විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















