අද සිට විදුලිය කැපෙන දින ගණන රජය දැනුම් දෙයි..කාල සටහනකුත් නිකුත් කෙරේ.
අවශ්‍යතාව මත අද (12 වැනිදා) සිට ඉදිරි දින 10ක කාලයේ දී රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය ප්‍රකාශ කරනවා .
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.
මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11 වැනිදා) ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
ඉරිදා දිනය නොමැතිව සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල මෙම විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
විදුලිය විසන්දි කෙරෙන වෙලාව සහ රටපුරා සියලු ස්ථාන ඇතුලත් කාලසටහන පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















