යළිත් රට පුරා විදුලි කප්පාදුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්.

Sri Lanka Power cut Udaya gammanpila Electric Bord
By Aruna Jan 06, 2022 03:05 AM GMT
Report

ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවයි.

මේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now