විදුලි බිල වැඩි කිරීමට මහජන මතය විමසයි..!

Power cut Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi May 29, 2022 09:22 AM GMT
Report

රජයේ ප්‍රතිපත්තිය දැනුම් දුන් වහාම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් පැවැත්වීමට සූදානම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජානක රත්නායක මහතා සඳහන් කළේ විදුලි බිල වැඩිකිරීමේ අවසන් අධිකාරිය මහජන උපයෝගිතා කොමිසම බවයි.

ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ලංවිම නිර්දේශවලින් පසු මහජන උපයෝගිතා කොමිසම සිය තීරණයට එළැඹෙනු ඇති බවත් ඉන් අනතුරුව රජයේ ප්‍රතිපත්තිය විමසන බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා ගන්නා අතර, ක්ෂේත්‍ර සහ විදුලි පරිභෝජනය අනුව ගාස්තු වැඩි කරනු ඇත.

ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මෙම මහජන අදහස් විමසීම පැවැත්වෙන බව රත්නායක මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now