විදුලි බිල අනිවාර්යෙන් වැඩි කළ යුතුයි - ඉන්ධන සැපයීම ගැන විශේෂ සාකච්ඡාවේදී කතා කළ කරුණු මෙන්න

Sri Lanka visa Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi May 28, 2022 09:42 AM GMT
Report

හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යයෙන්ම විදුලිබල ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අඩු ආදායම් ලාභීන් පීඩාවට පත්නොවන අයුරින් එම ගාස්තු සංශෝධනය සිදුකිරීමට සැලසුම් කරන බවය.

අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

"ජල විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් 4.17ක් වැය වෙනවා. ඉන්ධනවලින් නිෂ්පාදනය කරන්න රුපියල් 59.65ක්, ගල් අඟුරුවලින් (නොරොච්චෝලේ) රුපියල් 31.19ක්, පෞද්ගලික බලාගාර හරහා විදුලි ඒකකයක් රුපියල් 67.15ක් වෙනවා. පුනර්ජනනීය බලශක්ති (සූර්ය, සුළං) ඔස්සේ එක විදුලි ඒකකයකට අපිට වැය වෙන්නේ රුපියල් 16.69ක් වගේ අගයක්."

අපේ තිබෙන සියලු වියදම් එක්ක අපි ගණන් බැලුවාම අපිට විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 47.18ක් වැය වෙනවා. "නමුත් විදුලිය අය කරගැනීමේදී, "උපරිම ඒකක 30ක් සඳහා..එහෙම පවුල් ලක්ෂ 18ක් ඉන්නවා. අඩු ආදායම්ලාභීන්, ඒ ලක්ෂ 18න්ම අය කරන්නේ ඒකකයට රුපියල් 2.50යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 850ක හෝ ඊට අඩු බිලක් ගෙවන ලක්ෂ 18ක් නිවාස ඒකක තිබෙනවා. නමුත් අපිට වියදම් වෙනවා රුපියල් 47ක මුදලක්."

"180න් උඩ ඒකක ගන්න අයටත් අය කරන්නේ රුපියල් 45ක වගේ මිලක් ඒකකයකට" "විදුලි උත්පාදනයට වැඩි මුදලක් වැය වුවත් හැමෝම ගෙවන්නේ අඩු මුදලක්. ඒක ඒකක 30ක් පාවිච්චි කරන කෙනත් ඒකක 180ක් පාවිච්චි කරන කෙනත් එහෙමයි."

"අඩු ආදායම්ලාභී පවුල්වලට, අඩුවෙන් විදුලිය භාවිත කරන පවුල්වලට සහ රජයේ රෝහල්වලට මේ අවස්ථාවේ සිදු නොකළත් විදුලි බිලේ ගාස්තු සංශෝධනය කළ හැකි ක්ෂේත්‍රවල කරන්න වෙලා තියෙනවා." "කර්මාන්ත, හෝටල් වගේ ක්ෂ්‍රේතවල මෙම ගාස්තු සංශෝධනය කඩිනමින් විය යුතුයි." "කැබිනට් මණ්ඩලයේ අනුමැතියත්, මහජන උපයෝගීතා කොමිසමේ අවසරයත් ඇතුව ඒ දේවල් කරන්න බලාපොරොත්තුවෙනවා. විදුලිය අඩුවෙන් භාවිත කරන අයට බලපෑමක් නොවන ලෙස."

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි බිල තුන් ගුණයකින් හෝ 4 ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. "ඒ නිසා අපි ඔවුන්ට දැනුම්දෙන්නේ ඔවුන්ගේ වහල භාවිත කරලා සූර්ය පැනල සඳහා කඩිනමින් ප්‍රවේශ වෙන්න කියලා." රජයේ රෝහල්, පාසල්, රජයේ ගොඩනැගිලි වහලවල සූර්ය පැනල සවිකිරීමේ හැකියාව ගැන අපි සොයාබලමින් යනවා. "මාසිකව ගෙවීම් මත පැනල් ලබාදෙන්න අපි කටයුතු කරනවා."

"උදාහරණයක් ලෙස මාසෙකට රුපියල් ලක්ෂයක විදුලි බිලක් ගෙවපු කෙනෙකුට නව ගාස්තු සංශෝධනයේදී රුපියල් ලක්ෂ 4ක් නම් ඔහුට රුපියල් ලක්ෂය බැගින් ගෙවලා සූර්ය පැනල සවිකර ගැනීම තමයි තියෙන විසඳුම." "ඒ හරහා අපිට අවස්ථාව ලැබෙනවා රාත්‍රී කාලයේ පමණක් අවශ්‍ය බලශක්තිය වෙනුවෙන් ජලය සහ ඉන්ධන භාවිත කරන්න."

"ඕනම නිවසක ඕනම ආයතනයක වහලක් මත සූර්ය බලශක්ති පද්ධතිය සවිකරන්න පුළුවන්." "ජුනි 01 වනදා සිට මේ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා." "ඉතාමත්ම අමාරු මූල්‍ය අර්බුදයක විදුලිබල මණ්ඩලයත් ඉන්නේ." "විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරි එකට කටයුතු කරන්න කියලා අනුමැතිය දීලා තියෙනවා." "මම මාසයක් ඇතුළත මේක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බැරි වුණොත් ඒකත් ඇවිත් මෙතන කියනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now