රට පුරා සිදුවන හදිසි විදුලි බිදවැටීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..
Ceylon Electricity Board
Power Cut Today
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By Aruna
මේ දින වල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ විදුලිය බිඳවැටීම් 14,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, ඒ හේතුවෙන් විදුලි සම්බන්ධතා 50,000කට අධික ප්‍රමාණයක් විසන්ධි වී ඇති බවයි.
වැඩි වශයෙන් බිද වැටීම් වාර්තා වී ඇත්තේ නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කව සහ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ වන විට විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.