ගෙදර ඉඳන් පොටැටෝ වෙජස් රස බලන්න.මෙන්න රෙසිපි එක.
හැමදාම එකම රසට එකම විදිහට අල කාලා එපා වෙලාද? එහෙනම් මෙන්න වෙනස්ම විදිහකට රස අල රෙසිපි එකක්.(පොටැටෝ වෙජස්)
අවශ්‍ය ද්‍රව්‍ය
? මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් 1kg (පොතු සහිතව කපාගත්)
? ගාලික් පවුඩර් තේ හැඳි 1
? මිරිස් කුඩු මේස හැඳි 1 (රස අනුව)
? නැවුම් තයිම් ඉති 1
? පොල් විනාකිරි 15ml
? ලුණු (රස අනුව)
? තලාගත් ගම්මිරිස් මේස හැඳි 1
? සුදු පොල් තෙල් 30ml
සාදාගන්න ආකාරය
? කුළුබඩු මිශ්‍රණය - ගාලික් පේස්ට්, මිරිස් කුඩු, නැවුම් තයිම් කොළ, විනාකිරි, ලුනු, ගම්මිරිස්, සහ පොල්තෙල් හොඳින් එකට මිශ්‍ර කරගන්න.
? පොතු ඉවත් කරන ලද පොටැටෝ වෙජස් ඇතුළත තද ගතියෙන් නමුත් පිටත මෘදු ගතිය වනතුරු තම්බන්න.පරීක්ෂා කිරීමට ටූත්පික්/හෝ ගෑරුප්පුවක් භාවිතා කරන්න.
? ජලය ඉවත් කර අමතර තෙතමනය වාෂ්ප වීම සඳහා විනාඩි 20ක් පසෙකින් තබන්න.
? පසුව ඔක්කොගෙම, හැමතැනම හොඳින් තැවරෙන ආකාරයට පොටැටෝ වෙජස් වල කලින් සකස් කරගත් කුළුබඩු මිශ්‍රණය තවරා ගන්න.
? ඉන්පසුව 200°C උෂ්ණත්වයට විනාඩි 45ක් bho 30ක් අවන් එකේ බේක් කරන්න.
? කපාගත් ළූනු කොළ ස්වල්පයක් ඒ මතට ඉසින්න.
? දැන් තක්කාලි සෝස් සමඟ රස බලන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |