නිවුන් දරුවන් බිහි කිරීමේදී ඇති විය හැකි අවදානම්.
ගොඩක් දෙනෙක් කැමති නිවුන් බබාලා හදන්න. සමහරු නම් හිතන්නේ එතකොට එකපාරින්ම පවුල සම්පුර්ණ වෙනවා කියලා.හැබැයි නිවුන් බබාලා බිහි කරන විට ඔබත් බබාත් දෙන්නම දැඩි අවදානමකට ලක් වන බව මතක තියාගන්න ඕන.
නිවුන් දරුවන් බිහි කිරීම සමඟ ඇතිවන අවදානම්
රක්තහීනතාවය
? ඒ නිසා යකඩ බහුල ආහාර ලබාගැනීම වැදගත්. බීජ දෙකකට රුධිර සැපයීම නිසා මවට හොඳ පෝෂණයක් ලැබිය යුතු වෙනවා.
නොමේරූ දරු උපත්
? බොහෝ විට මෙවැනි උපත් සති 37 කාලයේදී සිදුවෙන අතර සමහර දරුවන් ආබාධ සහිතව වුනත් ඉපදීමට හැකිවෙනවා. මින් වැළකීමට වෛද්‍ය උපදෙස් ලබාගන්න.
අධිරුධිර පීඩනය
? මෙය නිවුන් දරුවන් ගැබ් ගැනීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය තත්වයක් වන අතර ශරීරය, කකුල්, මුහුණ ඉදිමීම විය හැකි වෙනවා. මෙහිදී විවේකය, පරික්ෂාව වැදගත් වෙනවා.
වැඩීම
? දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රමාණයෙන් කුඩා වීමට ඉඩ තිබෙනවා.
අඩු උපත් බර
? අඩු උපත් බර අවදානම සමග බබාට සංකූලතා ඇතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස් නිතර ලබාගැනීම වැදගත්.
රුධිර වහනය
? රුධිර වහනයක් වීමට අවදානමක් ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
දියවැඩියාව
? මෙහිදී සාමාන්‍ය බර ඉක්මවා බිළිඳාගේ බර වැඩිවීම හා හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම උපතේදී සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙනවා.
සම්පූර්ණ කාලය කුස තුළ නොරැඳීම
? බොහෝ විට සති 37ට පෙර උපත සිදුවෙනවා.
අඩු කාලයකින් උපත ලැබීම
? නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන සියුම් අවධානයෙන් සිටීම වැදගත්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |