Port Cityයේ ඡායාරූප ගන්න අයට වෙනදේ මෙන්න...සම්පූර්ණ ඇත්ත කතාව!!
කොළඹ වරාය නගරය තුළ සිදු කෙරෙන වෘත්තීමය ඡායාරූපකරණ කටයුතු හෝ රූගත කිරීම් (පුද්ගලික හෝ වාණිජ හේතූන් මත) සඳහා පමණක් ගාස්තු අය කෙරෙන බව කොළඹ වරාය නගර පුද්ගලික සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, සාමාන්‍ය සංචාරක කටයුතු අතරතුර ගනු ලබන සෙල්ෆි, ඡායාරූප හෝ රූගත කිරීම් සඳහා ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එලෙස ගාස්තු අය කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා අසත්‍ය බව ද එම සමාගම ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් කොළඹ වරාය නගර පුද්ගලික සමාගම සඳහන් කළේ, එම ගාස්තු අදාළ වන්නේ පුද්ගලික උත්සව, මංගල උත්සව, නිෂ්පාදන හෝ විලාසිතා ප්‍රවර්ධන, සංගීත වීඩියෝ, වෙළේඳ දැන්වීම් හෝ වෙනත් ආකාරයේ වාණිජ රූගත කිරීම් සහ ඡායාරූපකරණ කටයුතු සඳහා පමණක් බවයි.
එම ආදායම කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන සහ වැසිකිළි නඩත්තු කිරීමේ කටයුතු සඳහා සහ කසළ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බව එම සමාගම අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.
අදාල නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |