ජනප්‍රිය ගායිකාවක් හදිසියේම මිය යයි..මරණය අභිරහසක්..
United States of America
By Aruna
අමෙරිකාවේ ඔස්කාර් සම්මානලාභි ගායිකාවක් සහ නිළියක් වූ අයරින් කාරා මියගොස් තිබෙනවා.
ෆ්ලොරීඩාහි නිවසේ සිටියදී ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියයන විට 63 වන වියේ පසු වූ අයරින් ඔස්කාර් සහ ග්‍රෑමී ඇතුළු සම්මාන රැසක් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා ද්විත්වයෙන්ම ගීත ගායනා කිරීමේ විශේෂ හැකියාවක් ඇය සතුයි.
1984 වර්ෂයේදී අයරින් හොඳම ගීතයට අදාළ ඔස්කාර් සම්මානය හිමිකරගෙන ඇති අතර 1981 වර්ෂයේදී ඇය හොඳම නිළිය වශයෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිකරගත්තාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |