රටටම කුතුහලයක් වුණු ගයාන් සහ පූජනී ආදර කතාව ඩුබායි වලදී හෙළි වුන හැටි. (PHOTOS)

srilanka entertainment Poojani poojani bhgya
By Sithumi Mar 12, 2022 06:19 PM GMT
Report

පිය උරුමයේ ප්‍රතිභාව සහ යොවුන් පෞරුෂයේ අපූරූ සංකලනයක් වන ගයාන් ගුනවර්ධන වර්තමානයේ ආදරය යන මාතෘකාව ඉදිරියේ කතාබහට ලක්වුනු චරිතයක්. පෙම් ගී ගයමින්, පෙම් චරිත රගපාමින් පෙම්වතුන්ගේ ලෝකයේ සිහින කුමාරයා වූ ගයාන් ගුනවර්ධන මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි සිත්තම හරහා බෝහෝ ප්‍රේක්ෂ ආදරයට ඔහු පත්‍ර වී සිටිනවා.

තවද හිරු නාලිකාවේ අහස මාලිගා ටෙලි සිත්තම හරහාද අපට ඔහුව දැක ගන්නට ලැබෙනවා. ඉතින් මෙවැනි නාට්‍ය කිහිපයකටම ඔහු රංගනයෙන් දායක වනවා. ගයාන් ගුණවර්ධන කියන්නේ දක්ෂ ගායකයෙක් වගේම අපේ රටේ දක්ෂ නවක රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ පියත් අපේ කාලා ශේෂ්ත්‍රයේ සිටින ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් ඔහු නමින් නුවන ගුණවර්ධනයි.

ඒ වගේම ඔහුගේ අලුත් ගීත නිර්මාණද රසිකයන් හට මේ වන විට ඉදිරි පත් කර තිබෙනවා.ඉතින් ගයන් සමාජ මාධ්‍ය තුලත් ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත් වී අවසන්ගයාන් කියන නම එක්කම කියවෙන නමක් තමයි පුජනි බාග්‍යා කියලා කියන්නේ. ඇය පුංචි තියේ පෙම්වතිය. හරිම සුන්දර යුවතියක්

. හිරු ටීවී ඔස්සේ පැවැත්වුන හිරු අවුරුදු කුමරිය තරඟයෙන් හිරුඅවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් ක්ෂේත්‍රයට පිවිසුන ඇය මේ වනවිට නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරනවා. ඒ වගේම ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයක් සඳහා සිය දායකත්වය ලබාදීලා තියෙනවා.ඉතින් ඇය පළමුවෙන්ම ඇගේ රංගන දස්කම් පෙන්වන්නේ.හුස්මක් තරමට කියන ටෙලිනාට්‍ය හරහායි.දැන් ඇය ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපට දැක ගැනීමට ලැබෙනවා.කලකට පෙර ඇය ගැන බොහෝ සේ කතා බහටද ලක් වුනා

. ගයාන් ගුනවර්දන සමඟ කර තිබු ෆොටෝ ශුට් එකක් නිසා සහ ගයාන්ගේ ආදරේ කියල දුන්නේ ඔබ ගීතයට ත් පෙනී සිටියේ ඇය නිසා ගයාන් සමඟ විවහා වුනා කියලා ගොඩ දෙනෙක් කතා වුනා. ඉදිරියේදී ඔවුන් විවහා දිවියට පත් නම් සුභ ආරංචි අපිට ලැබෙනවා. මොකද ඔවුන් මේ වන විට ආදරණිය පෙම්වතුන් බවට බොහෝ ආරංචි ලැබෙනවා. ගයාන් සහ පූජනී ගැන කාලෙක ඉඳලා කලා ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් ලොකු කුතුහළයක් තිබුණා. ඒ තමයි මේ දෙන්නා ඇත්තටම ප්‍රේමවන්තයෝද කියන එක. කොහොමත් ගයාන් සහ පූජනී කියන්නේ කාලෙක ඉඳලාම හොඳම යාළුවෝ

. නමුත් මේ දෙදෙනාගේ ආදර කතාව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළින් එළියට ආවා. ඒ ගයාන් සහ පූජනී පසුගිය දිනෙක ඩුබායි සංචාරයක යෙදී සිටියදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසායි.ඉතිඔන් මේ නිසා මේ දෙන්නට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඉතින් ඔවුන්ගේ ඉදිරි ගමනට අපි හදවතින්ම සුභ පැතුම් එක් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery