සුළු සේවකයින්ට තෙල් නොදීම නිසා වෛද්‍යවරු රෝහල වසා දමයි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Jun 26, 2022 11:11 AM GMT
Report

දොස්තරවැරන්ට පමණක් තෙල් දී සුලූ සේවකයන්ට තෙල් නොදීමට පොල්පිතිගම සමුපකාර ඉන්ධනහල් සේවකයින් කටයුතු කිරීම නිසා ඊට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව යාම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි බාහිර රෝගිහු දැඩි අසරණතාවයකට පත්වූහ.

සිකුරාදා දිනයේ දී රෝහල් කාර්යය මණ්ඩලයට ප‍්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන ලෙසට අමාත්‍යවරයා දී තිබු චක‍්‍ර ලේඛයට අනුව ඉකුත් සිකුරාදා සවස් යාමයේ හා සෙනසුරාදා පෙරවරුවේ දී ඉන්ධන ලබා ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලයේ සුලූ සේවකයන් ඉන්ධනහල වෙතට ගොස් සිටිය දී පෝලිමේ රැදී සිටින පිරිස් බැණ වැදී සේවකයන් ට අපහාස කිරීම හේතුවෙන් 25 දා පෙරවරුවේ දි බාහිර රෝගින්ට ප‍්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීමට වෛද්‍යවරුන් කටයුතු කිරීම නිසා මේ තත්ත්වය උදා වු බව රෝහල් සේවකයන් පැවසුහ.

මේ තත්ත්වය නිසා රෝහල් සේවකයන් ඉන්ධන ගැනීමට ඉන්ධනහල අසලට ගොස් සිටින බවට ගේට්ටුවෙහි දැන්වීමක් ප‍්‍රදර්ශනය කරමින් රෝහලට පිවිසෙන ගේට්ටුව වසා දමා තිබුණු බව රෝගින් පෙන්වා දුන්හ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now