අගමැති හා පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව විශේෂ තීරණයකට එළැඹෙයි

Parliament of Sri Lanka Ranil Wickremesinghe Prime minister Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi May 27, 2022 01:05 PM GMT
Report

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. 

 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම රැස්වීමේ අරමුණ වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි. එහිදීයි එම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණ ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔහුනගේ සහාභගිත්වය සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now