පොලීසියේ වැරදි කියන්න දුරකථන අංකයක්..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ, පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවය.
එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතී. දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අහරහ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවය