පොලීසිය සොයන රවිදු සහ නෙත්මිට නවාතැන් දුන් කාන්තාවකට සිදු වුණ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 04, 2022 12:09 AM GMT
Report

පසුගිය 01වැනිදා බැඳිගම දක්ෂිණ අධිවේග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බලපෑම් කරමින් රාජකාරියට බාධා කොට පහරදීමට තැත්කිරීමට අදාළ සිදුවීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි මහතාගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා යන සැකකරුවන් සොයා එම පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මෙම සැකකරුවන් අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණීමට සහ අනතුරුදායක ලෙස ශීතකරණයක් රැගෙනයෑමට භාවිත කළ කැබ් රථය ඊයේ (03) පස්වරුවේ සොයාගත් අතර සැකකරුට හා සැකකාරියට රැකවරණය සහ නවාතැන් ලබාදුන් මාතර - බතලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වීරකැටිය පොලිස්ථානය වෙත ඉරිදිපත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join