ෆේස්බුක් ගිණුම් භාවිතා කර බැංකු වලින් සල්ලි අදින හොර ක්‍රමයක්..මේ ගැන හැමෝම දැනුවත් වන්න..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.(VIDEO)

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Nihal Talduwa Police spokesman Sri Lanka Police
By Aruna Feb 16, 2024 05:28 AM GMT
Report

ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරන අයගේ ඡායාරූප ගෙන ව්‍යාජ ලෙස සකස් කළ හැදුණුම් පත් සහ රියදුරු බලපත්‍ර භාවිතා කරමින් බැංකු ගිණුම් වල තිබෙන මුදල් කොල්ලකෑමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අපරාද විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් කාලයක් තිස්සේ සිදුකරන මෙම ජාවාරමට ගොදුරු වූ පුද්ගලයින් රැසක් ඇති බවත්, මේ සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දැඩි අවධානයෙන් සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ජාවාරම සිදු වන ආකාරය පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්න.

ජාවාරම සිදුවන ආකාරය ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.