මොටර් රථයකට පොලිසියෙන් වෙඩි.. රථයේ තිබී හමුවූ දේ

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 15, 2022 12:05 PM GMT
Report

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වී ඇති අදාළ මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.

ඒත් සමගම රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී නතරවී තිබූ බව පොලීසිය පැවසීය.

පසුව පොලීසිය විසින් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී මත්පැන් බෝතල් 125ක් තිබූ බව පොලීසිය සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now