නිවසකට පැන පුද්ගලයෙකුට වෙඩි තබා පොලිසිය පලා යයි. (VIDEO)

Sri Lanka Police
By Wayomi Nov 22, 2022 09:09 AM GMT
Report

 ඊයේ (21) උදෑසන 10.20ට පමණ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගිය පුවතක් වාර්තා වෙනවා.

නො:62,මගවෙල, මීටියාගොඩ. නිවසට කඩාවැදුනු මීටියාගොඩ පොලිසියේ යතුරුපැදි කණ්ඩායම විසින් නිවසේ සිටි ඒ.ටී.කේ. රමේෂ් චාමර නැමති පුද්ගලයාට පහර දී ප්‍රශ්න කරන විටදී පහර දෙන්නේ කුමන කාරණාවකටද යන්න විමසීමේදී එම පුද්ගලයගේ වම් පාදයට වෙඩිතබා පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පලාගොස් තිබුණා.

පසුව එම ප්‍රදේශවාසීන් විසින් ලේ වැගිරෙමින් සිටි තුවාලකරු රෝහල් ගත කරනු ලැබුවා.

එම ස්තානයට පැමිණි පොලිස් නිලධරියෙකු විසින් තුවාලකරුගේ පවුලේ අයට එම සිදුවීමට යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වුවද මේ වන විටත් ඔවුන් මුනිවත රකිමින් වැරදිකරු ආරක්ෂා කරමින් සිටී.

තුවාලකරු බලපිටිය රෝහලෙන් මේ වන විට කරාපිටිය රෝහලට මාරුකර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ පොලිසිය විසින් කිසිදු නීතිමය පියවරක් වැරදිකාර පොලිස් නිලධාරියට විරුද්ධව ගෙන නොමැත.

ඔවුන්ගේ වෑයම මෙම සිද්දිය යටගසා තුවාලකරුට යුක්තිය ඉටුකිරීම මගහැරීමටයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW