නිවසකින් කෝටි 10කට ආසන්න වටිනාකමකින් හෙරොයින් හමු වෙලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කැස්බෑව - සිද්දමුල්ල ප්‍රදේශයේ නිවසක කළ පරීක්ෂාවකින් පසු එහි තිබී රුපියල් කෝටි 10ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 6ක් සොයාගෙන ඇත.
එමෙන්ම එහි තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල පතොරම් 19ක්, හෙරොයින් ඇසුරුම් කිරීම සඳහා යොදාගත් උපකරණ සහ ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අම්බලන්තොට පාලම අසළදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ ඊයේ (06) අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම නිවස පරීක්ෂා කර ඇත.
කෙසේවෙතත් වැටලීම සිදු කරන අවස්ථාවේ එම නිවසේ සිටි සැකකරුවන් පලා ගොස් ඇත.ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.