අවාසනාවන්ත ලෙස පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට..!
Sri Lanka Police
Sri Lanka
Accident
By Sewvandhi
පොලිස් පරීක්ෂකවරයෙකු හෝමාගම මාකුඹුර ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් ප්රධාන මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, එම පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.
බරපතළ තුවාල ලැබු ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කළ 47හැවිරිදි ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බවය.
මේ අතර,අද (29) උදෑසන හිටපු රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය මුන්දලම ප්රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබේ.
අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තාකරු පැවසුවේ.
මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.