හරක්කටා මුදාගැනීමේ මෙහෙයුමට සහය දුන් තවත් CIDයේ කොස්තාපල්වරයෙක් මාට්ටු. - මුදවා ගැනීමට කුමන්ත්රණ රැසක්.
CID භාරයේ පසුවන නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක්කටා වෙනුවෙන් උදව් 7උපකාර කළ එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු හරක්කටා සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවල සටහන් සහ ලේඛණ බාහිර පාර්ශවයක් වෙත ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙහිදී ඔහු ඒ, අනුව හරක්කටා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල සටහන් සහ ලේධණ සිය පෞද්ගලික ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකර බාහිර පාර්ශවයක් වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ත්රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස හරක්කටා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක්කටා මුදාගැනීම සඳහා වරින් වර සැලසුම් ද ක්රියාත්මක වූ අතර එම සැලසුම් සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහයද හිමි වී තිබුණා.
මේ අතර හරක්කටා මුදාගැනීමේ මෙහෙයුම සඳහා එලෙස සහය පළ කළ පොලිස් කොස්තාපල්වරයෙකු මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් සැඟව සිටිනවා.
එමෙන්ම මෙම මෙහෙයුම සඳහා සහය පළ කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට මීට පෙර ත්රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබුණා.