පරිස්සමින් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව" පොලීසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..!

Police spokesman Sri Lanka Police Socialist Equality Party of Germany Sri Lanka
By Sewvandhi Jun 15, 2022 11:05 AM GMT
Report

සමාජ මාධ්‍ය ජාලාවල මේ වන විට සියලු දෙනා ම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන් "ප්‍රවේසම්වන්න ආර්ථික අර්බුධය" ලෙස කරුණු විසි දෙකක් ඇතුළත් අවසානයේ "පරිස්සමින් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව" යනුවෙන් සඳහන් කරමින් ව්‍යාජව සකස් කරන ලද පණිවිඩයක් සංසරණය වෙමින් පවතිනවා.

මෙවැනි පණිවිඩයක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් මාධ්‍ය ආයතන වෙත හෝ කිසිදු සමාජ මාධ්‍ය වෙත හෝ වෙනත් ආකාරයකින් හෝ මහජනතාව වෙත නිකුත් කර නොමැති බවට සඳහන් කරන අතර මෙවැනි පණිවිඩ මගින් මහජනතාව නොමග යාම මෙන්ම ශ්‍රී ලංකා පොලිස්සිය ද අපකීර්තියට පත්වන බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුවත් කළ යුතු කරුණු තිබේ නම් පොලිස් මූලස්ථානයේ ලිපිනය හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙ ලිපි මගින් ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා ප්‍රවෘත්ති කළමනාකරු නමින් ආමන්ත්‍රණය කර මාධ්‍ය නිවේදනය ලෙස නිකුත් කර විද්‍යුත් ලිපින මඟින් වට්ස් අප් මගින් හා ෆැක්ස් මඟින් ද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වියාජ්‍ය පුවත් සම්බන්දයෙන් සැළකිලිමත් වන ලෙසයි. එම නිවේදනය පහතින් ....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery