පාපැදිවල ගමන් ගන්නන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!
මේ වසරේ සිදුවූ මාරක රිය අනතුරු 1202 න් 96 ක් මියගොස් ඇත්තේ පාපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිස් මේ වනවිට පාපැදියට යොමුව තිබෙනවා.
ඒ අනුව, රථ වාහන මාර්ග ආරක්ෂාව පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත්තේ පාපැදිකරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ රාත්‍රියේදී පාපැදිවල ගමන් කිරීමේදී විදුලිපහන් දල්වා ගමන් කළ යුතු බවයි.
මේ අතර, ඉන්ධන අර්බුදයට පිලියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 30,000ක් සඳහා පාපැදි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟත්වය පළ කළ බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |