හදිසියේම භාණ්ඩ වර්ග රැසක මිල පහත හෙළයි...එම භාණ්ඩ වර්ග මෙන්න..ජනතාවට සුබ ආරංචියක්.

Sri Lanka
By Aruna Sep 20, 2022 06:31 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි වල මිල සියයට 10-13 කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) පවසනවා.

ඒ අනුව සියලුම නිෂ්පාදන කාණ්ඩ හරහා රසකැවිලි නිෂ්පාදනවල මිල පහත වැටීමක් සිදුවන බවයි LCMA සභාපති S.M.D. සූරියකුමාර මහතා පැවසුවේ.

ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී තිබීම මෙසේ වෙළඳපොලේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමේ තීරණයට බලපෑ බවද ඔහු සඳහන් කළා.

රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි වල කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී ඇති බව ඔහු අනාවරණය කළා.

මේ අතර තම සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ බව මැලිබන් බිස්කට් සමාගම නිවේදනය කර තිබෙනවා.

පසුගිය මාස කීපය තුල රටේ පැවති තත්වය සමග නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ඉහළ දැමුවද මෑත කාලයේ සිට නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම අනුව බිස්කට් මිල පහළ දැමීම කළ බව ඔවුන් සඳහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාගම විසින් මේ බව දැනුම් දී තිබේ.

මෑත කාලයේදී බිස්කට් මිල අසාමන්‍ය ලෙස ඉහල යාම මත ජනතාව බිස්කට් මිලට ගැනීම අඩු කිරීම හේතුවෙන් මෙරට ප‍්‍රධාන පෙලේ බිස්කට් සමාගම් මාධ්‍ය හමුවක් පවත්වමින් බිස්කට් මිලට ගන්නා ලෙස ජනතාවට ආයාචනා කලේය.

එසේ නොකලහොත් තම සමාගම් වැසී යනු ඇතැයිද කීහ.

මේ අතර ලබන 01 වැනි දා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බවයි.

පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට නියමිතයි.

ඒ අනුව කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදීම සිදු කරන බවයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now