ටියුෂන් පන්තියේ ළමයි 40ක් පමණ 99 න් දිවි ගලවාගත් පොලිස් ජීප් රථ අනතුර. - රථය තුළ සිටි පිරිස ගැනත් අනාවරණයක්. - (PHOTOS)
වව්නියාව ප්රදේශයේදී පොලිස් ජීප් රථයක රියදුරුට එය පාලනය කර ගත නොහැකිව නිවසක් ඇතුළට කඩා වැදී අනතුරක් සිදු ව තිබෙනවා.
නැදුන්ගේනි - පුලියන්කුලම් මාර්ගයේ ධාවනය වූ පුලියන්කුලම පොලිස් ස්ථානයේ ජීප් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන්.
නිවසේ වැට කඩාගෙන ගිය ජීප් රථය නිවස තුළ නවතා තිබූ යතුරුපැදියකටද හානි කර ඇති අතර පාරේ තිබූ විදුලි කණුවටද, නිවසේ ජල සම්බන්ධතා නල වලටද, අසල තිබූ මඩුවකටද හානි කර තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සිදුවන අවස්ථාවේ මඩුවේ ටියුෂන් පන්තියක් පැවැත්වී ඇති අතර ඉගෙනුම ලබමින් සිටි සිසුන් 40ක් පමණ අනතුරෙන් 99 බේරී ඇති අතර එම අවස්ථාවේදී පුලියන්කුලම පොලිස් ස්ථානය භාර නිලධාරිවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු සිවිල් ඇඳුමින් රථයේ සිට ඇති බවයි ප්රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නැහැ.